Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 14:59:02 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 61 පාබල සේනාංකයේ භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක් සිදුකරනු ලබයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සර දිනට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 611,612 සහ 613 පාබල බලසේනාවන්ට අයත් භට පිරිස් විසින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ප්‍රජා වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

ඒ අනුව කඹුරුපිටිය - කරපුටුගල කරුණාරත්න වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සදහා වු විශේෂ වැඩසටහන් රාශියක් සිදුකරනු ලැබු අතර ඒහි වැඩිහිටි සාමාජිකයින් 45 දෙනෙකු සදහා දිවා ආහාරය මෙන්ම සංගීතමය වැඩසටහනක්ද සංවිධානය කරන ලදී. මේ සදහා 613 පාබල බලසේනාවට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් දායකවිය.

තවද, යුද හමුදා දිනයට සමගාමීව 612 පාබල බළසේනාවේ භට පිරිස් විසින් මීගහතැන්න දිස්ත්‍රික් රෝහලේ සහ මීගහතැන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සමඟ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. එමගින් අවට පිරිසිදු කිරීම සහ අදාළ ස්ථානවල ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භට පිරිස් සම්බන්ධ වීය.

දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ප්‍රියන්ති ගමගේ මහත්මියගේ අනුග්‍රහය මත 611 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 611 පාබල බලසේනාවේ භට පිරිස් එක්ව ගලපිටමඩ ප්‍රාථමික විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක දෙකක් සහ වතුර මෝටරයක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් 11 වන දින සිදුකරන ලදී.

මෙම ප්‍රජාසත්කාරමය වැඩසටහන් සදහා සියලු කටයුතු 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ අධික්ෂණය යටතේ සේනාංකයට අයත් පාබල බලසේනාවන්හි බළසේනාධිපති වරුන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය විය.