22nd December 2024 15:14:23 Hours
613 පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් පී ජී සී එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් 05 වන දින වැඩ භාර ගන්නා ලද අතර, 613 පාබල බලසේනාවේ භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කර නව බලසේනාධිපති පිලිගන්නා ලදි.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් පැළයක් ද සිටුවන ලදී. අනතුරුව බ්‍රිගේඩියර් පී ජී සී එස් ගාල්ලගේ විසින් භට පිරිස් ඇමතු අතර, විනයෙහි වැදගත්කම සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමේදී එහි ප්‍රධාන කාර්යභාරය ඔහු අවධාරණය කළේය. මෙම අවස්ථාවේදි ඔහුගේ දැක්ම බෙදාගත් අතර, පොදු අරමුණු සඳහා එක්ව කටයුතු කිරීමට භට පිරිස් පොළඹවමින්, බලසේනාවේ ඉලක්ක සහ අපේක්ෂාවන් විස්තර කළේය.
ඉන් අනතුරුව, බළසේනාධිපති විසින් සුහදත්වය වර්ධනය කරමින් සියලු නිලයන් සමඟ සංග්‍රහ බෙදාහදා ගන්නා ලදී.
බලසේනාව තුළ ඇති එකමුතුකම සහ කැපවීම පිළිබිඹු කරමින් මෙම උත්සවය සඳහා 613 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, බලඇණිවල අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.