Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th July 2023 15:03:07 Hours

613 පාබල බලසේනාවේ භට පිරිස් උණවටුන යටගල රජමහා විහාරයේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් පවත්වයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 613 පාබල බලසේනාවේ 2 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ යුධ හමුදා භට පිරිසක් විසින් ඓතිහාසික උණවටුන පුරාණ යටගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් 2023 ජූලි 20 වන දින පවත්වන ලදී.

යුධ හමුදා භට පිරිස් විසින් විහාරස්ථානයේ වටපිටාව පිරිසිදු කිරීම සහ දිගු කලක් තුල ගොඩගැසී තිබූ කුණු කසල සහ අපද්‍රව්‍ය ඉවත් කරමින් විහාරස්ථානයේ අලංකාරය යථා තත්ත්වයට පත් කිරිමට ශ්‍රමදායකත්වය දක්වන ලදි.

තවද, යුද හමුදා සෙබලුන් විහාරස්ථාන පරිශ්‍රය හා ඒ අවට වැව් තිබු වල් පැළැටි ක්‍රමවත්ව කපා ඉවත් කිරිමටද කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘතිය ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ මගපෙන්විම යටතේ 613 පාබල බලසේනාවේ ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි 2 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී විසින් අධීක්ෂණය කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සදහා විහාරස්ථානයේ දායක සභාව සහ ප්‍රදේශයේ මහජනතාව තම කෘතඥතාවය පල කරන ලදි.