Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th January 2024 23:40:32 Hours

613 පාබල බළසේනාධිපති රාජකාරි භාර ගන්නා ලදී

613 පාබල බළසේනාවේ 9 වන බළසේනාධිපති වශයෙන් කර්නල් යුආර්අයිබි රණතුංග ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 4 වන දින කඹුරුපිටිය එම බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.

මෙහිදී, බලසේනාවේ කාර්ය මණ්ඩලය විසින් නව බළසේනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, 3 (V) ගැමුණු හේවා භට පිරිස් විසින් ආරක්ෂක මුරයක්ද පිරිනමන ලදී.