Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 19:17:02 Hours

613 පාබල බළසේනාංකයේ 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

613 පාබල බළසේනාවෙහි 13 වන සංවත්සරය 2024 ජනවාරි 20 වන දින බලසේනාධිපති කර්නල් යුආර්අයිබී රණතුංග ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙස්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 613 පාබල බලසේනාවේ ප්‍රධානත්වයෙන් මාතර ‘මෙත් නැණ’ ළමා නිවාසයේ ළමුන් සඳහා රසවත් දිවා ආහාරය පිරිනමමින් උදාර වැඩසටහනක් ද සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත ළමා නිවාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කාර්ය මණ්ඩලය මෙම දින උත්සවයට සහභාගී වූහ.