Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th May 2022 17:30:37 Hours

61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

61 වන පාබල සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් මොහාන් රත්නායක 2022 මැයි මස 5 වන දින සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රධායානුකූලව රාජකාරි ආරම්භ කළේය.

සේනාංක මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කදවුර මුරය පිරිනමනු ලැබුහ.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරන ලදී.

පසුව සමුහ ඡායාරූපයක් සදහා එක් වු නව සේනාංකාධිපති විසින් වැඩ භාර ගැනීමෙි අවස්ථාව සංකේතවත් කරමින් පැළයක් රෝපනය කළේය.

අනතුරුව මේජර් ජෙනරාල් මොහාන් රත්නායක භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබද දැන්වත් කල අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්ති නාමය පවත්වා ගැනීම සදහා කණ්ඩායම් හැගීමෙන් යුතුව කටයුතු කිරිමේ වැදගත්කම පිළිබදව පෙන්වා දෙන ලදී.

611, 612 සහ 613 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ද මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.ඉන් අනතුරුව මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විය.