Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th October 2023 16:25:32 Hours

61 පාබල සේනාංකයේ භටපිරිස් ගංවතුර සහන සේවා කටයුතුවල අඛණ්ඩව නිරතව සිටියි

යුද්ධ හමුදා භටපිරිස් මාතර, මාලිම්බඩ සහ සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් ඇති වී තිබෙන තත්වයන් සඳහා හදිසි ගංවතුර සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී. 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින සවස සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය දෙපස වැලි කොට්ට යොදා ගනිමින් මාලිම්බඩ ප්‍රදේශයේ අනෙකුත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුරෙන් වන හානි වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකලහ.

සිකුරාදා දින පස්වරුව වන විටත් ගංවතුර මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ බැවින් නිල්වලා ගං ඉවුර දෙපස වැලි කොට්ට යොදා මාතර, අත්තුඩාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට භටපිරිස් කටයුතු කරනු ලැබීය.

භටපිරිස් විසින් ගංවතුර තත්ත්වය හේතුවෙන් ගමනා ගමන කටයුතු සිදුකිරීමට නොහැකිව සිටි අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් 10 දෙනෙකුට අධික පිරිසක් කඩිනමින් මාතර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී.

ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් සඳහා පිසූ ආහාර ලබාදීම ද භටපිරිස් විසින් අඛණ්ඩව සිදු කරන අතර, ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරයි.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම මානුෂීය සත්කාර කටයුතු වල නිරතව සිටියි.