Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th June 2022 15:16:19 Hours

61 පාබල සේනාංකය විසින් සිවිල් ජනතාව වෙත වියළි සලාක ලබාදිමේ වැඩසටහනක් සංවිධානය කරයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සීමාසහිත Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) ,මෙම ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් 61 පාබල සේනාංකය යටතේ පාලනය වන 613 පාබල බලසේනාව හා 3(සෙව්) ගැම්ණු හේවා බළඇණිය ඒක්ව මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 650 ක් සඳහා 2022 ජුනි 22 සහ 23 දින වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙහිදි මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටිය ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය,දික්වැල්ල කුඹුරේගොඩ විහාරස්ථානය ස්ථානයන්හි සහ කොටපොල නාලපේ කුඹුරු ග්‍රාම නිලධාරි වසමට අයත් ප්‍රදේශයන්හි මෙම වැඩසටහන සිදුකරනු ලැබු අතර, සලාක මලු සහල්, පරිප්පු, පොල් ආදියෙන් සමන්විත වු අතර, මාතර දිස්ත්‍රික් ලේකම් තුමා, ප්‍රාදේශිය ලේකම් වරැන් හා ග්‍රාම නිලධාරින් සහයෝගය මත මෙම වැඩසටහන පැවැත්විණි.

තවද, මෙම උදාර කර්තව්‍යය සඳහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) විසින් මුල්‍ය දායකත්වය ලබා දුන් අතර, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවිආර්ඒමිඒමි රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඒන්ඩියු ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේවිඅයිඒල් ජයවිර යුඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මග පෙන්විම යටතේ 3(සෙවි) ගැමුණු හේවා බළඇණියේ අණ දෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය සහ සංවිධානය මත මෙම වැඩසටහන පැවැත්විය.

වියළි සලාක බෙදාදිම සදහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සභාපති පුජ්‍ය තලගල ශ්‍රි සුමනරතන හිම්යන්, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් තුමා , 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ මාණිඩලික නිලධාරින්, 3(සෙවි) ගැමුණු හේවා බළඇණියේ අණ දෙන නිලධාරි සහ සෙසුනිලයින් සහභාගී විය.