Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st February 2022 18:09:32 Hours

61 වන පාබල සේනාංකය වෙතින් ප්‍රජා ව්‍යාපෘතියක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩි බි එස් එන් බෝතෝට ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සහ යුධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග 2020 - 2025 සංකල්පයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංසදය විසින් පරිත්‍යාග කරනු ලැබු වෛද්‍ය උපකරණ ප්‍රමාණයන්, ආරචීචිකන්ද මුලික රෝහල, බද්දේගම මුලික රෝහල, බලපිටිය මුලික රෝහල සහ කරාපිටිය මුලික රෝහල වෙත පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2022 - 02 – 14 වන දින පැවැත්වුණි.

මෙම වැඩ සටහනෙහි සංවිධානාත්මක කටයුතු 61 පාබල සේනාංකය මගින් සිදුකල අතර මෙහිදි KN 95 මාක්ස් , ස්ජිකල් මාක්ස් , මුහුණු ආවරණ , 19 සදහා භාවිතා කරන ඇදුම් කට්ටල අත් පිස්නා , ප්ලාස්ටික් බාල්දි ආදී උපකරණ ප්‍රමාණයන් ඉහත සදහන් රෝහල් වෙත ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාව සදහා 61 සේනාංකයේ කර්නල් ප්‍රමානි , ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ,සෙසු නිලයින් ඇතුලුව රෝහල් කාර්ය මණ්ඩල‍යේ කිහිපදෙනෙකු සහභාගි විය.