Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd June 2023 15:31:14 Hours

61 පාබල සේනාංක මූලස්ථානය වෙතින් තවත් උදාර කර්තව්‍යක් සංවිධානය කරයි

අහුන්ගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක දරුවෙකු තම පවුලෙහි ඇති ආර්ථික අපහසුතා මධ්‍යයේ පසුගිය 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ලකුණු 188ක් ලබා ගෙන ඇති අතර පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. පසුව දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් දරුවාගේ අනාගත අධ්‍යාපනය අඩාල වීමට ඉඩ තිබුණි.

ඒ අනුව, ඒම දරුවාගේ මවුපියන් 61 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හට මේ බව පැවසීමෙන් පසු ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු හා ‘අත හිත සංවිධානයේ’ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සමඟ සම්බන්ධීකරණයෙන් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඒස්වී යුඑස්පී ඒච්ඩිඑම්සී පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ලබා දුන් උපදෙස් අනුව එම දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා පරිත්‍යාගයක් ලබාදීමට තීරණය කළහ.

මෙහිදී ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා රු. 30000.00 ක මුදලක් මෙම උදාර කර්තව්‍යය සඳහා ලබාදුන් අතර, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් ද මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

තවද, ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් කිහිප දෙනෙක් මෙම සිසුවාගේ හැකියාවන් හදුනාගෙන ඔහුගේ ඉදිරි අධ්‍යාපනය සදහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූහ.