Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th May 2023 09:52:24 Hours

61 පාබල සේනාංක භට පිරිස් විසින් ‘බත් දන්සල’ ක් සහ වෙසක් කලාපයක් පවත්වයි

වෙසක් උත්සවය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන බෞද්ධ දින දර්ශනයේ සුවිශේෂී සිදුවීමකි. මෙම කාලය තුළ බැතිමතුන් බොහෝ විට බොහෝ දුර ගමන් කර විහාරස්ථාන වෙත ගොස් වන්දනාමාන කරයි. මෙවර වෙසක් උත්සවය සමයේ ගාල්ල ප්‍රදේශයට වන්දනාවේ යන බැතිමතුන්ට වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මූලස්ථානය සහ එහි බලසේනා/බලඇණි සමඟ එක්ව 2023 මැයි 05 වන දින බූස්සේ පිහිටි 61 පාබල සේනාංක මූලස්ථානය අසල 'බත් දන්සලක්' සහ වෙසක් කලාපයක් සංවිධානය කර ඇත.

මෙම ‘බත් දන්සල’ සහ වෙසක් කලාපය ඉතා උසස් අන්දමින් සංවිධානය කර තිබු අතර නිස්කලංක සහ සාමකාමී වාතාවරණයක් ඇති කරමින් ප්‍රදේශය අලංකාර වෙසක් කූඩුවලින් සරසා තිබුණි. 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඔහුගේ බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ඒම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

එසේම, 61 වන පාබල සේනාංක මූලස්ථානය, බලසේනා සහ බලඇණිවල භට පිරිස් බැතිමතුන්ට රසවත් ආහාර සංග්‍රහයන් පිළියෙළ කර සැපයීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළ අතර බත් සහ සාම්ප්‍රදායික ව්‍යංජන සහිත ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ප්‍රණීත ආහාර වර්ග රාශියක් ‘බත් දන්සලේ’ අන්තර්ගත විය.

තවද, 61 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද ‘බත් දන්සල’ සහ වෙසක් කලාපය ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ ආශිර්වාදය ඇතිව අති සාර්ථකව සිදුකළ අතර. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රජාවට සේවය කිරීමට භට පිරිස් දක්වන කැපවීම සහ වෙසක් උත්සවය සහ එහි සම්ප්‍රධායන් කෙරෙහි ඔවුන් දක්වන ගෞරවය පෙන්නුම් කරන ලදී. භට පිරිස් විසින් සපයන ලද අලංකාර සැරසිලි, ප්‍රණීත ආහාරපාන සහ උණුසුම් ආගන්තුක සත්කාරය නිසා ගාල්ල ප්‍රදේශයට වන්දනාවේ පැමිණි සියල්ලන්ටම අමතක නොවන සහ ප්‍රීතිමත් අත්දැකීමක් විය.