Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:13:23 Hours

61 පාබල සේනාංක භට පිරිස් මගින් විපතට පත් පුද්ගලයින් සඳහා වෛද්‍ය ආධාර සපයයි

61 පාබල සේනාංකයේ භට පිරිස් විසින් මාතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලද අතර, ඒ සදහා 1 වන ශ්‍රි ලංකා වෛද්‍ය බළකාය වෙතින් වෛද්‍ය කණ්ඩායමක් සහ 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරි් සහය ඇතිව මිදැල්ලවල විහාරස්ථානය තුල විපතට පත් ජනතාව සඳහා 2023 ඔක්තෝම්බර් 13 වන දින වෛද්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී.

මේ සදහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.