Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th October 2023 19:18:18 Hours

61 පාබල සේනාංක භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වූවන් හට ආපදා සහන මෙහෙයුම් සඳහා දායක වෙයි

මාතර දිස්ත්‍රික්කයට අයත් මාතර, අකුරුගොඩ, පොල්වතුගොඩ සහ අත්තුඩාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල අධික වර්ෂාවෙන් විපතට පත් වූවන් සඳහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් මේ වන විට ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි.

2023 ඔක්තෝම්බර් 24 වන දින එම ප්‍රදේශවලට ඇති වූ අධික ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් සඳහා 613 පාබල බලසේනාවේ භට පිරිස් ප්‍රවාහන පහසුකම් සැපයීමටද ක්‍රියාකර ඇති අතර, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම ක්‍රියාන්විතය අඛණ්ඩව සිදු කිරීමට එම භට පිරිස් වෙත උපදෙස් ලබාදී ඇත.