Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2023 23:05:13 Hours

61 පාබල සේනාංකය 74 වැනි යුද හමුදා දිනය අභිමානවත් ලෙස සමරයි

2023 ඔක්තෝම්බර් 10 වන දිනට යෙදී තිබුණ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර උත්සවයට සමගාමීව 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඒන් රණසිංහ ආර්ඒස්පී යුඒස්පී ඒන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් නිළධාරීන් සහ සෙසු නිලයින් සමඟ අති උත්කර්ෂවත් උත්සවයක් ඒම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

ඒම අස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් විසින් කදවුරු පරිශ්‍රය තුල පැළයක් රෝපණය කළ අතර අනතුරුව සියලුම නිලයන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කරන ලදී.