Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th September 2023 17:16:22 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් යටතේ ඇති බළසේනා සහ බළඇණි තුල සිය පළමු නිල සංචාරය සිදු කරයි

61 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ආ ර් ඒ ජේඑන් රණසිංහ ආ ර් එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු 24 වන දින 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ඇති බලඇණි වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

සංචාරය අතරතුර, බලසේනාධිපතිවරුන් සහ ඒ ඒ කඳවුරුවල අණදෙන නිළධාරීන් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නව සේනාංකාධිපති තුමන් ඉතා උසස් අන්දමින් පිළිගනු ලැබීය.

එසේම කදවුරු තුල ඉදිරි මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳව බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක විස්තරයක් ද සේනාංකාධිපති තුමන් වෙත ඉදිරිපත් කරන ලද අතර, නව සේනාංකාධිපති තුමන් විසින් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින් සෙබළුන්ගේ විනය සහ වර්තමාන රාජකාරි සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරන ලදී.