Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2023 23:21:36 Hours

61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මාතර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන්ට වෛද්‍ය ආධාර

61 පාබල සේනාංකයට අයත් 1 ශ්‍රි ලංකා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වැල්ලෙතොට ග්‍රාම නිලධාරී වසම යටතේ පිහිටි උඩුව, කොට්ටවත්ත ප්‍රදේශයේ විපතට පත් පවුල් 350 කට, ගලබොඩ ග්‍රාමයේ පවුල් 400 කට, අත්තුඩාව ග්‍රාමයේ පවුල් 270 ක්, දළුගොඩ ප්‍රදේශයේ පවුල් 320 ක් සහ නාරංගල පහළ විටියල සහ කරගොඩ ප්‍රදේශවල පදිංචි පවුල් 270 ක් වෙත 2023 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින තුළ වෛද්‍ය ආධාර පිරිනැමීය.

61 පාබල සේනාංකය සහ 9 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අත්තුඩාව, නරිදූව සහ නායිම්බල ප්‍රදේශවල ගංවතුර සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් බෝට්ටු සහ යුද්ධ හමුදා රථවාහන යොදාගනිමින් ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය. 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් එම වෛද්‍ය කඳවුරු වෙත ගොස් ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත වෛද්‍ය ආධාර ලබාදෙන ලදී.