Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 18:28:43 Hours

61 පාබල සේනාංකයේ භට පිරිස් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට සහාය වෙති.

2024 ජනවාරි 16 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.

මේ සදහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් ලබාදී ඇති උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසි පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි ගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.

මෙහිදී බලංගොඩ, ඇහැලියගොඩ, කෑගල්ල, බේරුවල, කළුතර, පානදුර, කඹුරුපිටිය, මාතර කරාපිටිය, සහ උඩුගම ඇතුළු රෝහල්වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ටස්වා පවත්වා ගෙන යාම සදහා 8 සහ 9 වන සිංහ රෙජිමේන්තුව, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව , 8 වන ගැමුණු හේවා බලඇණිය, 2 (V) ගැමුණු හේවා බලඇණිය, 3 (V) ගැමුණු හේවා බලඇණිය, 4 (V) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පුරෝගාමී බළකායේ පිරිස් සිය සහය දක්වන ලදී.