Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st November 2022 11:06:41 Hours

61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් සිය රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එචිඩිඑම්සි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 නොවැම්බර් මස 14 වන දින 61 පාබල සේනාංක මුලස්ථානයේදි සිය නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදි. මෙහිදි ප්‍රථමයෙන් කදවුරු භුමියට පැමිණි සේනාංකාධිපති තුමන් හට 14 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් කදවුරු සමිමාන මුරයක් පිරිනමන ලදි.

අනතුරුව නව ධූරයේ වැඩ භාරගැනීම සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් නිල ලේඛනයකට සිය අත්සන තබා භික්ෂූන් වහන්සේලාගේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ අභිනවයෙන් පත් වූ සේනාංකාධිපති ධුරයේ වැඩ භාර ගන්නා ලදී. පසුව 61 වන පාබල සේනාංක පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, නව සේනාංකාධිපතිතුමන් විසින් තම දැක්ම ප්‍රකාශ කරමින් භට පිරිස් ඇමතීමට ද සහභාගිවිය.

මෙම අවස්ථාව සදහා 611 සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන්, 61 පාබල සේනාංකයට අයත් ඒකකයන්හි අණදෙන නිළධාරීන් මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මේ සදහා සහභාගිවිය.