Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd November 2022 11:05:04 Hours

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් තවත් රුක්රෝපණ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදෙයි

පිචිච පැළ සිටවිමේ දෙවන අධියර වශයෙන් කලල්පිටිය ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2022 ඔක්තෝම්බර් 31 වන දින 141 බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් විහාර පරිශ්‍රය තුළ පිච්ච පැළ 1000 ක් රෝපණය කිරීම සඳහා තම දායකත්වය ලබා දිමට කටයුතු කර ඇත.

මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ මග පෙන්විම යටතේ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සමිබන්ධිකරණයෙන් දියත් කර ඇත.

තවද, මෙම වැඩසටහන සදහා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කර ඇති අතර, විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා විසින් රෝපණය කිරිම සදහා පැළ ලබා දෙන ලදි.