21st November 2024 15:12:57 Hours
ක ර් න ල් එච්එච්එස්පිඑස් ද සිල්වා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි නොවැම්බර් 02 වන දින කෙටි උත්සවයකින් අනතුරුව සුබ මොහොතින් කුරුණෑගල, පොතුහැර, ලිහිණිගිරිය, 571 පාබල බලසේනාවේ 16 වන බලසේනාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 1 වන බලඇණිය විසින් බලසේනාවේ ප්‍රධාන දොරටුව අභියසදී නව බලසේනාධිපතිතුමන් වෙත සම්ප්‍රදායික මුර සංචාරයක් සමඟින් භාරගැනීමේ කටයුතු ආරම්භ විය. අනතුරුව, අභිනවයෙන් පත් වූ බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් සිය නව වගකීම් විධිමත් ලෙස භාර ගැනීම සනිටුහන් කරන නිල ලේඛනයකට සිය අත්සන තබන ලදී.
සමාරම්භක අවස්ථාවට මතකයක් එක් කරමින් බලසේනාධිපති විසින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. බලසේනාධිපති විසින් සිය දැක්ම සහ බලසේනා වෙත පැවරී ඇති වගකීම් විස්තර කරමින් සිය දේශනය පවත්වන ලදී. නව බලසේනාධිපතිතුමන් පිළිගැනීම සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයේදී භට පිරිස් සමඟ සිය අදහස් හුවමාරු කර ගනිමින් උත්සවය අවසන් විය.
571 වන පාබල බලසේනාව යටතේ පාලනය වන බලඇණිවල අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.