Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th November 2023 15:35:16 Hours

16 ගජබා රෙජිමේන්තු භටපිරිස් පුත්තලම මූලික රෝහලේ කාර්යය මණ්ඩලය සමඟ එක්ව ආපදා පුහුණු වැඩසටහනක් පවත්වයි

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ආපදා පුහුණු වැඩසටහනක් එම රෝහල් පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 31) දින පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ‍ මගපෙන්වීම යටතේ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී.

පුහුණු වැඩසටහනේදී හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, තීරණ ගැනීමේ වැදගත්කම, සාමූහික වගකීම්, සුනාමි, ගංවතුර හෝ වෙනත් ස්වභාවික හේතු හා මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වන හදිසි අපදා අවස්ථාවන්හිදී කඩිනම් ක්‍රියා කිරීම පිළිබඳව රෝහල් කාර්යය මණ්ඩලය දැනුවත් කරන ලදි.