Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th June 2023 16:55:07 Hours

15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් ‘විරු අමාදහර’ වැඩසටහන සාර්ථකව සිදු කිරීමට දායක වේ

පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 2023 ජුනි 26 වන දින ජය - රූපවාහිනී නාළිකාව විසින් ඔවුන්ගේ වැඩිදුර පරිශීලනයන් සඳහා පටිගත කරන ලද 'විරු අමාදහර' වැඩසටහන සා ර් ථ කව සිදුකිරීම සඳහා ඔවුන්ගේ නොමසුරු දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහන කොස්ගම "ස් ව ර් ණ ජයන්ති" රණවිරු ගම්මානයේදී පවත්වන ලද අතර, එහි මූලික අරමුණ වූයේ "ස් ව ර් ණ ජයන්ති" රණවිරු ගම්මානයේ පදිංචි සෙබළුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ දරුවන්ට උපකාර කිරීමය. එමගින්, සෙබළුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ දරුවන්ට වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපකරණ පිරිනැමිණි. මේ අතර, ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයේ, 142 පාබල බළසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ප්‍රජා වැඩසටහන සා ර් ථ ක කර ගැනීම සඳහා විවිධ අයුරින් සහය විය. වැඩසටහන පැවැත්වෙන ස්ථානය සකස් කිරීම, එහි පිරිසිදුකම පවත්වා ගැනීම සහ ත්‍යාග බෙදා හැරීම් සංවිධානය කිරීම සඳහා සහයෝගය දැක්වීම ආදියෙන් ඔවුන් සහාය විය. තවද, යුධ හමුදා මූලස්ථානයේ අනුමැතිය ඇතිව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි විසින් යුධ හමුදාවේ දායකත්වය සමීපව අධීක්ෂණය කරන ලදී.