Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th March 2022 11:27:14 Hours

144 බලසේනාව මගින් ඇවරියහේන ප්‍රදේශයේ ව්‍යාපාරයක් පැවත්වයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල් එචි එස් සිල්වා ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එමිපීල් සංකල්පයකට අනුව වස විසෙන් තොර ජාතියක් ගොඩනැගිම සදහා වු පරිසර හිතකාමි තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් 144 පාබල බළසේනා මූලස්ථාන බළප්‍රදේශයට අයත් ඇවරියහේන වෙල්යායට දියවර සපයන වාරි ඇළ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2022 මාර්තු මස 05 වන දින පවත්වන ලදි.

මෙම වැඩසටහන සදහා 14 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ කේ ජි කේ යු ඥානරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත , 144 පාබල බළසේනාධිපති කේ එමි වි කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්ෂණය යටතේ 2 (සෙ‍වි) ශ්‍රිලපාහ ඒකකයට අයත් භට පිරිස් විසින් සිදු කරනු ලැබුහ.

මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සදහා 14 පාබල සේනාංකාධිපති, 144 පාබල බළසේනාධිපති, ග්‍රාමිය ආරක්ෂක කමිටු සභාපති, ගොවිජන සමිතියේ ලේකමි සහ ප්‍රදේශයේ ගොවින් පිරිසක් ද සහභාගි විය.