Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th August 2023 16:08:35 Hours

144 පාබල බලසේනාවට අයත් භටපිරිස් ගංවතුර සහන සැලසීමේ පෙරහුරුවක් කැළණි ගඟ ආශ්‍රිතව සිදුකරයි

144 පාබල බලසේනාවට අයත් 2 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයෙහි භටපිරිස් විසින් “ආපදා කළමනාකරණය” පිළිබඳ පෙරහුරුවක් අගෝස්තු 23 වන දින කැලණි ගං ඉවුරේ දී සංවිධානය පවත්වන ලදී. පෙරහුරුවේදී භටපිරිස් ගංවතුර සහන සැලසීම පිළිබඳව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුවත් කරන ලදී. තවද, ගංවතුර ව්‍යසන හෝ වෙනත් ව්‍යසන සම්බන්ධයෙන් ඕනෑම හදිසි අභියෝගයකට මුහුණ දීමට යුද්ධ හමුදා භටපිරිස් හදිසි ඔිනෑම අවස්ථාවක සුදානමින් සිටිය යුතු බැවින්, ආපදා කළමනාකරණය පිළිබඳව අඛණ්ඩ පුහුණුව (සෙවීම සහ මුදාගැනීම) ලබාදීම ඉතා වැදගත් හා ඉතා කාලෝචිත කරුණු වන අතර, එමගින් ඇතිවන ව්‍යසන සා ර් ථකව මැඩපැවැත්වීමට හැකියාවක් ලැබේ. එමේන්ම ආරක්‍ෂක සේනා ( බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආ ර් එ ස්පි යුඑස්පි ආ ර් සි ඩි එස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එමි වි කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමීප අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරන ලදි.