Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th August 2023 15:51:02 Hours

144 පාබල බලසේනා වෙතින් වියළි සලාක මළු පරිත්‍යාග කරමින් තවත් සිවිල් සුභසාධන වැඩසටහනක් සිදු කරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආ ර් එ ස්පි යූඑස්පී ආ ර් සිඩිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිවිඑන්එච් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විමෙන් 144 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඒම්වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණයෙන් 2 (සෙවි) ශ්‍රිලපාහ ඒකකයේ මෙහෙයවිමෙන් කොටිකාවත්ත සිංහ සමාජයේ ගරු සභාපති තුමන් සහ ඒම සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් අඩු ආදායමිලාභි පවුල් සදහා වියළි සලාක මළු 35 බෙදාදිමට කටයුතු සිදු කරන ලදී.

මෙම වැඩසටහන සදහා 144 පාබල බලසේනාවේ සිවිල් සමබන්ධිකරණ නිලධාරී, 2 (සෙවි) ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරී සහ අනෙකුත් නිලධාරීන් මෙන්ම සිංහ සමාජයේ සභාපති නිහාල් ධ ර් මසිරි මහතා ඇතුලු පවුලේ සාමාජිකයින් හා සිංහ සමාජයේ සාමාජිකයින් සහ මුල්ලේරියාව කලාපයේ සමෘද්ධි සභාපතිනිය මෙම අවස්ථාවට සහභාගී විය.