Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th October 2023 16:17:38 Hours

144 පාබල බලසේනා බළප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහනක්

ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන තෝරාගත් පවුල් සඳහා කිරිපිටි පැකට් බෙදාදීමේ දෙවන අදියරේ වැඩසටහන ෆොන්ටෙරා ආයතනය විසින් 2023 ඔක්තෝම්බර් 12 වන දින 144 පාබල බලසේනා බළප්‍රදේශයට අයත් කඩුවෙල සහ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේදී දියත් කරන ලදී.

මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දම්මිකා සද්දසේන මෙනවිය සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ගේ සහභාගිත්වයෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහන සිදුකර ඇති අතර, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිරිපිටි බෙදාදීමේ වැඩසටහන සහකාර සැලසුම් අධ්‍යක්ෂ වසුන්දරා කහඳගම මෙනවිය, 144 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි සහ 144 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරී ගේ සහභාගිත්වයෙන් සිදුකර ඇත.