31st July 2024 16:12:34 Hours
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත 144 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැලවත්ත - විද්‍යාවර්ධන විද්‍යාලයේදී 2024 අප්‍රේල් මස 2 වන දින පෙරවරු 9.00 සිට 11.00 දක්වා පවත්වන ලදී.
ජාතික ඖෂධ පාලක මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ සහකාර අධ්‍යාපන හා තොරතුරු නිලධාරිනී දුල්ෂානි තාරකා මහානාම මහත්මියගේ මඟපෙන්වීම යටතේ සමස්ත ග්‍රාමීය හා නාගරික පාසල් පද්ධතිය තුළ පවතින මත්ද්‍රව්‍ය භාවිතයේ උග්‍ර ගැටලුව විසඳීමට උපදෙස් ලබා දිම සදහා පාසලේ 9, 10 සහ 11 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් සියයක් සහභාගී වූහ.
තවද පුනරුත්ථාපන කාර්යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී ජාතික ශිෂ්‍යභට බළකායේ ලුතිතන් කර්නල් ඊආර්එස් දයානන්ද යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද මෙම වැඩසටහන සදහා සහාය ලබා දුන්නේය.