Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th November 2022 17:38:36 Hours

144 පාබල බලසේනාවේ භටපිරිස් හට ‘විවිධ නෛතික තත්ත්වයන් යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයින් වෙත පැවරී ඇති බලතල’ පිලිබද හරවත් දේශණයක්

2022 නොවැම්බර් 30 වන දින 144 පාබල බලසේනාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින්හට ‘විවිධ නෛතික තත්ත්වයන් යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයින් වෙත පැවරී ඇති බලතල’ යන මාතෘකාව යටතේ දේශණයකට සහභාගී විය.

14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 144 පාබල බලසේනාව වෙතින් මෙම දේශණය සංවිධානය කරන් ලදි.

නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් සී එන් අරඹේවත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම දේශණය පවත්වන ලද අතර, දේශණයේදි නෛතික බලතල සහ විවිධ රාකාරි අවස්ථාවන්හිදී මෙම බලතල නිසි ලෙස භාවිතා කරන ආකාරය පිළිබදව මනා දැනුමක් දේශණය සදහා සහභාගිවුවන් වෙත ලබා දෙන දෙමින් ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටළු වලටද පිළිතුරු ලබා දෙමින් මෙම හරවත් දේණය පැවැත්විය.

මෙම දේශණය සදහා 144 වන පාබල බලසේනාවේ නිලධාරීන් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 60 දෙනෙකු සහභාගිවන ලදි.