Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th October 2022 14:40:21 Hours

144 පාබල බලසේනාවට අයත් භට පිරිස් ආපදා කළමණාකරණ සහ කැරලි මර්ධන වැඩමුළුවක් පවත්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ 144 පාබල බලසේනාවේ යුධ හමුදා භටපිරිස් විසින් 2022 ඔක්තෝබර් 02 දින 2 (සෙව්) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු භුමයේ සහ කැලණි ගං ඉවුරේ ආපදා කළමනාකරණය සහ කැරලි මර්ධනය පුහුණු වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව ඉදිරි දින කිහිපයේදී 5 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ යුද හමුදා සාමාජිකයින් සඳහා ද මෙවැනිම ආපදා කළමනාකරණය සහ කැරලි මර්ධනය කිරිම පිළිබදව පුහුණු වැඩමුළුවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, 5 වන කාරක ඉංජිනේරැ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින්ද මෙවැනිම වැඩසටහන් සංවිධානය කිරීමට අවධානය යොමු කර ඇත.

මෙම ආපදා කළමනාකරණය සහ කැරලි මර්ධනය කිරිම පිළිබදව පුහුණු වැඩමුළුව අතරතුර ගංවතුර සහනාධාර සහ හදිසි ප්‍රතිචාර කැරලි මර්දන කටයුතු පිළිබඳව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදී. 5 වන කාරක ඉංජිනේරැ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙනින්ද ආපදා කළමනාකරණය සහ කැරලි මර්ධනය කිරිම පිළිබදව පුහුණු වැඩමුළුව නැරබිම සදහා සහභාගි වුහ.