Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2023 16:39:39 Hours

143 පාබල බළසේනාවේ බළසේනාධිපති තබ්බෝව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය සදහා සහභාගී වෙයි

පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2023 ජුලි 06 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සදහා තබ්බෝව මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ආරාධනාව මත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 143 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරි සහභාගි විය.

ඒ අනුව, අනාගත නායකයන් වීමට අපේක්ෂාවෙන් සිටින අනාගත සිසු පරපුර වෙනුවෙන්, දක්ෂ හමුදා නිලධාරියෙකු සහ නායකයෙකු ලෙස 143 වන පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ සහභාගිත්වය ඔවුන්ගේ ජීවිතයට වෙනසක් සහ අභිමානයක් ගෙන දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නායකත්වය සහ විනය පවත්වාගන්නේ කෙසේද යන්න සහ එහි වැදගත්කම පිළිබදව නව ශිෂ්‍ය නායකයින් සහ පාසල් ළමුන් දැනුවත් කරමින් දේශනයක් පවත්වන ලදී.

තවද, ශිෂ්‍ය නායක නිළ ලාංඡන ප්‍රදානය කිරීමෙන් අනතුරුව නව ශිෂ්‍ය නායකයින් වශයෙන් තම රාජකාරිය ඉතා උනන්දුවෙන් ඉටු කිරීමටත් විද්‍යාලයේ සාර ධ ර් ම ආරක්ෂා කිරීමටත් ප්‍රතිඥා දීමෙන් උත්සවය අවසන් විය.