Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th January 2024 21:53:58 Hours

143 පාබල බළසේනාධිපති රාජකාරි භාර ගනී

ගජබා රෙජිමේන්තුවට අයත් කර්නල් ජේඑම්ඩබ්ලිව්කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 143 පාබල බලසේනාවේ 8 වැනි බලසේනාධිපති ලෙස 2024 ජනවාරි 1 වන දින එම බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාගෙන ඇත.

මෙහිදී, බලසේනාවේ කාර්ය මණ්ඩලය විසින් නව බලසේනාවේ බලසේනාධිපතිවරයා උණුසුම් පිළිගැනීමකින් සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආරක්‍ෂක මුරයක්ද පිරිනමන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක පැළයක්ද රෝපණය කරන ලදී.