Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th June 2023 19:15:00 Hours

143 පාබල බළකායේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය නවතමයෙන් ඉදිකරයි

143 පාබල බලසේනාවේ බළලත් නිලධාරි/සැරයන් නිවස්නය 2023 ජුනි මස 18 වන දින උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවයට 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලන් ආ ර් ඩබිලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආ ර් ඩබිලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.

143 පාබල බලසේනාවේ රාජකාරි නියුතු බළලත් නිලධාරින් සහ ජ්‍යෙකොනොනින් හට නවීන සහ සුවපහසු විවේකී පරිසරයක් ලබා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය 2022 පෙබරවාරි මාසයේදී බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලන් ආ ර් ඩබිලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරම්භ කරන ලද අතර 143 වන පාබල බලසේනා මූලස්ථානය, 16 වන බලඇණි ගජබා රෙජිමේන්තුව සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සදහා ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

තවද, මෙම නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි/සැරයන් නිවස්නය භෝජන ශාලාවක්, රූපවාහිනී කාමරයක් සහ තැබෑරුම් පහසුකම් වලින්ද සමන්විත වේ.