Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th August 2023 12:00:07 Hours

143 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට වායු මෙට්ට 10ක් පරිත්‍යාග කරයි

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වායු මෙට්ට අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් 143 පාබල බලසේනාවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වයෙන් එම රෝහලට වායු මෙට්ට 10 ක් පසුගිය සඳුදා දින (අගෝස්තු 21) ප්‍රදානය කරන ලදී.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හි බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.එස් මුණසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී අයිජී, අසංග එලිපුර මහතා, ශ්‍රියානි චන්ද්‍රසේකර මෙනවිය, රොහාන් අලුත්ගේ මහතා, දමිත් විතාරණගේ මහතා, විසුදි ඩයස් අබේගුණවර්ධන මෙනවිය, චානක ප්‍රසංග මහතා, නෙවිල් ප්‍රසන්න මහතා, හසන්ක දුමින්ද මහතා සහ රෝයි පෙරේරා මහතා විසින් අසාධ්‍ය රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වායු මෙට්ට මිලදී ගැනීමට අනුග්‍රහකත්වය ලබා දුන්නේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 143 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන්, කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව සහ වෛද්‍ය සංජීව බෝවත්තේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.