Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2022 10:15:22 Hours

142 පාබල බලසේනාව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනය සමරයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනා මූලස්ථානය, 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 7 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන බලඇණිය විජයබා පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් 2022 ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් තවත් මානුෂීය වැඩසහනක් 2022 ඔක්තෝබර් 01 වන දින 'SURASA' මාදිවෙල පිරිමි ළමුන් සඳහා වන විශේෂිත අධ්‍යාපන පාසල හා ළමා නිවාසයේහිදි සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේ සියළුම සංවිධානාත්මක කටයුතු ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති අධීක්ෂණය යටතේ යුධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජේෂ්ඨ නිලධරී සහ එම මැතිනිය වන හිමාලි පුස්සැල්ල මහත්මිය සහභාගී විය. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද හමුදා නිලධරීන් සහ කාර්ය මණ්ඩලය සහ පාසල් සිසුන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී ළමුන් සඳහා චිත්‍ර තරගයක් සංගීත පුටු තරංගයක් සහ බැලුම් පිම්බීමේ තරගයක් ඇතුළු රසවත් ක්‍රීඩා කිහිපයක් යුද හමුදා භටපිරිස් විසින් විසින් සංවිධානය කර තිබුණි . ක්‍රීඩා හැරුණු විට ප්‍රධාන ආරාධිතයන් සහ අනෙකුත් සහභාගිවුවන්, පාසලේ ළමුන් විසින් ඉදිරිපත් කරන ලද නැටුම් සංදර්ශනයක් නැරබීමට සහභාගී විය. මීට අමතරව, යුදහමුදා භටපිරිස් විසින් කෙටි ආහාර වේලක් , සංගිත පුටු තරගයට සහභාගිවු ළමුන් සදහා ත්‍යාග බෙදා දීමේ උත්සවයක්ද සංවිධානය කරන ලදී. එදින වැඩසටහනේ අවසානය සනිටුහන් කරන ලද්දේ යුද හමුදා භටපිරිස් විසින් පාසලේ ළමුන් සඳහා දිවා ආහාර වේලක් ලබා දීමෙනි.

මෙම වැඩසටහනට අමතරව ආඥාපතිතුමා පාසල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක සංචාරය කරමින් යුද හමුදා භටපිරිස්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසුන් සමඟ තම අදහස් හුවමාරු කර ගත්තේය. තවද, ලෝක ළමා දිනය වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම සබැඳිව ආඥාපතිතුමන් යුද හමුදා භටපිරිස් වෙත තම ප්‍රශංසාව ද පළ කළ සිටියේය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පරිපාලන නිලධාරි - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල් අධ්‍යක්ෂ සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.