Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

15th February 2022 17:32:28 Hours

141 බළසේනාවේ සමිබන්ධිකරණයෙන් වතුපිටිවල රෝහල වෙත පරිත්‍යාග භාණ්ඩ රාශියක් ප්‍රධානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමෙs අරමුණින් යුතුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා සංසදය විසින් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් ලබාදි ඇති වෛද්‍ය උපකරණ වතුපිටිවල මුලික රෝහල වෙත 2022.02.14 වන දින 141 පාබල බසේමු බළසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලදී.

එහිදී වතුපිටිවල මුලික රෝහල වෙත KN 95 මාක්ස්, ස්ජිකල් මාක්ස්, මුහුණු ආවරණ, කොරෝනා ඇදුමි කටිටල, අත් පිස්නා, ප්ලාස්ටික් බාල්දි යන ආදි වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරිමට කටයුතු කල අතර මෙම අවස්ථාව සදහා 141 බළසේනාවේ සිවිල් සමිබන්ධිකරණ නිළධාරි, 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරි යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ වතුපිටිවල මුලික ‍රෝහලේ සේවය කරනු ලබන නිළධාරින් කිහිප දෙනෙකු සහභාගි විය.