Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th April 2022 12:24:11 Hours

141 පාබල බසේමු වෙතින් ආපදා කළමනාකරණ වැඩමුළුවක් පවත්වයි

141 පාබල බසේමු හා ගමිපහ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණය ඇතිව 2022.03.25 සහ 29 යන දෙදින තුළ ආපදා කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ඒ අනුව වැඩමුලුවේ පලවන දිනය 2022.03.25 දින නල්ල - මාඔය ප්‍රදේශයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස් රණසිංහ ආර්ඩබ්ලිවි ආර්එස්පි එම්එස්සි එන්ඩියු පිඑස්සි, ගම්පහ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ නාරාහේන්පිට ජීවිතාරක්ෂක කණ්ඩායමේ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජල ගැලවුමි සහන ක්‍රියමාර්ග, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, ජල ගැලවුම් මෙහෙයුම් සහ ප්‍රථමාධාර පිළිබඳව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදි.

වැඩමුලුවේ දෙවන දිනය 2022.03.29 දින 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේදී පවත්වන ලද අතර, ආපදා කළමණාකරණ ලමිපහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සෙබළුන්හට ගිනි නිවන උපකරණ භාවිතා කරන ආකාරය පිළිබඳ දේශන සහ ප්‍රායෝගික නිදර්ශණයන් මගින් දැනුම ලබා දෙන ලදී.

මෙම වැඩසටහන 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් පී ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද අතර, සහභාගිවුවන්හට අදාල විෂයයන් පිළිබඳ පුලුල් දැනුමක් ලබා ගැනිමට හැකිවු අතර, මේ සදහා 141 පාබල බසේමු යටතේ යට‍තේ රාජකාරි නියුතු අණදෙන නිලධාරින්, කොටිඨාශමුලයන්භාර ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ සෙසුනිලයින් සහභාගිවිය.