Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:20:15 Hours

141 පාබල බලසේනාව වෙත අයත් භට පිරිස් අඩු ආදයම්ලිභි පවුලක් වෙත උපකාර කරයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය වෙත අයත් 141 පාබල බලසේනා බල ප්‍රදේශයට අයත් වේයන්ගොඩ කුරිකොටුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පියා, මව සහ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සදහා 141 පාබල බලසේනාවේ දායකත්වයෙන් රු.15000//= ක වටිනාකමින් සමන්විත වියළි සලාක ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 141 බලසේනාවේ බලසේනාධිපති විසින් වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබු අතර, එම වියළි සලාක ද්‍රව්‍ය සහල්, පරිප්පු, කුළුබඩු, ධාන්‍ය වර්ග, කරවල, කිරිපිටි පැකට් ආදිය අඩංගු විය.

මෙම වැඩසටහන 2023 පෙබරවාරි 28 වන දින 141 පාබල බලසේනාවේ බලසේනාධිපති, 141 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ භටපිරිස් ඔවුන්ගේ නිවසට මෙම සත්කාරය සිදු කරන ලදි.

තවද, මෙම අඩු ආදායම්ලාභී පවුල ජීවත් වු නිවස 2023 පෙබරවාරි 25 වන දින හදිසියේම ගිනිගෙන විනාශවී ඇත.