Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2023 17:28:29 Hours

14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 15 වන සංවත්සරය සැමරිම සදහා පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කරයි

14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 15 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද පුණ්‍යමය වැඩසටහනක් 2023 ජනවාරි 03 සහ 04 යන දිනයන්හි එම කදවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදි පිරිත් සජ්ඣායනය, මහා සංඝරත්නය උදෙසා දානය (හීල් දානය) පිලිගැන්වීම සිදු කරන ලදී.

මෙහි අරමුණු වුයේ වන්නි ප්‍රදේශයේ මානුෂීය මෙහෙයුමේදී දිවි පිදූ තම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සිහිපත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජෙයෂ්ඨ නිලධාරිගේ ආශිර්වාදය ඇතිව, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදේශකත්වයෙන් 142 වන පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේආර්පි ජයසිංහ ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පීඒටී නිරෝෂන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.

මෙම අවස්ථාව සදහා 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.