Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:15:18 Hours

14 වන පාබල සේනාංකයේ භට පිරිස් ‘කැරලි මර්ධන ’ පුහුණු වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 වන පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද කැරලි මර්ධන පුහුණු වැඩසටහනක් 2022 ඔක්තෝබර් 27 වන දින සිට 2022 නොවැම්බර් 03 වන දින දක්වා කැළණිමුල්ලේ පිහිටි 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල බළඇණියේදි පවත්වන ලදි.

මෙම පුහුණු වැඩමුළුව 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 144 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල බළඇණියේ අණදෙන නිළධාරී තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 8 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල බලඇණියේ සහ 7 වන රෙජිමේන්තුව ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන් ඇතුළු භඨපිරිස් මෙම දින කෙටිකාලින වැඩමුළුව සඳහා සහභාගීවි ඇති අතර, 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල බළඇණියේ නිලධාරි/භඨපිරිස් විසින් මෙහි දේශණ පවත්වන ලදි.

මෙම වැඩමුළුවේදී, කැරලි මර්ධන සහ නිරායුධ සටන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සහ ඒහි කාර්යභාරය පිළිබදව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදි.