Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th February 2022 18:29:15 Hours

14 වන පාබල සේනාංකය වෙතින් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ මේ වන විට රටේ පවතින COVID 19 වසංගතය මැඩලීම ස‍දහා 14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් එ කේ ජි කේ යු ඥානරත්න එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග 2020 - 2025 සංකල්පයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංසදය විසින් පරිත්‍යාග කරනු ලැබු වෛද්‍ය උපකරණ ප්‍රමාණයන් අපේක්ෂා රෝහල මහරගම වෙත පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2022 - 02 – 15 වන දින පැවැත්වුණි.

මෙම වැඩ සටහනෙහි සංවිධානාත්මක කටයුතු 14 පාබල සේනාංකය මගින් සිදුකල අතර මෙහිදි KN 95 මාක්ස් , ස්ජිකල් මාක්ස් , මුහුණු ආවරණ , 19 සදහා භාවිතා කරන ඇදුම් කට්ටල අත් පිස්නා , ප්ලාස්ටික් බාල්දි ආදී උපකරණ ප්‍රමාණයන් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාව සදහා 142 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එචිවිඒ සෝමවීර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි, 14 වන පාබල සේනාංකයේ කර්නල් පාලන භකාස සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්,සෙසු නිලයින් ඇතුලුව රෝහල් කාර්ය මණ්ඩල‍යේ කිහිපදෙනෙකු සහභාගි විය.