Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2023 22:50:41 Hours

14 වන පාබල බලසේනා මූලස්ථානය 74 වන යුද හමුදා දිනය නිමිත්තෙන් ප්‍රජා ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී

යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් 74 වැනි යුද හමුදා දින සැමරුමට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් අනුව 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම මත 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරී සමඟ එක්ව ශ්‍රමදාන ව්‍යාපෘතියක් 2023 ඔක්තෝම්බර් 10 වන දින වතුපිටිවල රජයේ රෝහල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

රෝහල් පරිශ්‍රයේ වාට්ටු අවට වැඩී ඇති තණකොළ කැපීම සහ අනවශ්‍ය ගස් අතු ඉවත් කිරීමේ මෙම උදාර කර්තව්‍ය සඳහා 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවෙහි භට පිරිස් සිය උපරිම දායකත්වය ලබා දී ඇත. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භට පිරිස් එම ස්ථානයට සහභාගී වූහ.