Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 18:02:05 Hours

14 පාබල සේනාංකයේ භට පිරිස් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට සහාය වෙති.

2024 ජනවාරි 11 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 14 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.

මේ සදහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් ලබාදී ඇති උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසි පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යූඑස්පීගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.

කුරුණෑගල ශික්ෂණ රෝහල, මාරවිල මූලික රෝහල, කළුබෝවිල රෝහල, මීරිගම රෝහල සහ කොළඹ මහ රෝහලේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 21 බලඇණිය, විජයබාහු පාබල රෙජිමේන්තුවේ 14 බලඇණිය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 1 බලඇණිය, ගජබා රෙජිමේන්තුවේ 16 බලඇණිය වෙතින් භට පිරිස් සිය සහාය ලබා දී ඇත.