Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th November 2022 12:17:13 Hours

10 වන ආරක්ෂක බලමුළුව විසින් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදි

144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 32 වන බලඇණි සංවත්සරය සමගාමිව භඨපිරිස් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් 2022 නොවැම්බර් මස 03 වන දින අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේ සිදුකරන ලදි.

මේ සදහා නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුවේ සහයෝගීතාවයෙන් 144 පාබල බලසේනාවේ භඨපිරිස් සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භඨපිරිස් විසින් මෙම උසස් කර්තව්‍ය සදහා තම දායකත්වය දක්වා ඇති අතර, ඒ සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 75 දෙනෙකු ලේ දන්දිමේ මහගු ක්‍රියාවට කැමැත්තෙන්ම ඉදිරිපත් විය.

මෙම වැඩසටහන සදහා 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 144 වන පාබල බලසේනාවේ සිවිල් සමිබන්ධිකරණ නිලධාරි සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහ භඨපිරිස්ද ඒ සදහා සහභාගිවිය.