Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:28:54 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ‘හරිත නියමුවෝ’ පුහුණු වැඩසටහන සඳහා දායකත්වය ලබාදෙයි

කෘෂිකර්මාන්තය සහ නායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා සංවිධානය කරනු ලබන ‘හරිත නියමු’ ව්‍යාපෘතියෙහි 10 වන වැඩසටහන වාරියපොළ වයඹ පුහුණු ආයතනයේදී පසුගිය සෙනසුරාදා (ජූලි 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

පුහුණු වැඩසටහන සඳහා වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ සහ කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධි මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 71 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ උපදේශකවරුන් එම සිසු සිසුවියන්ට අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි විසින් මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය අධීක්‍ෂණය කරන ලදී.