Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2023 09:58:24 Hours

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 34 වන බළඇණි සංවත්සරය සමරයි.

2023 නොවැම්බර් මස 01 වන දිනට 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව පිහිටුවා වසර 34 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමින් ඒකකයේ දිවිපිදූ, අතුරුදහන් රණවිරුවන් හා රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන්හ‍ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් එදින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් බෝධිපූජාමය පිංකමක් කදවුරු භූමියේදී සිදුකරණ ලදි.

මෙහිදී ඒකකයේ අණදෙන නිලධාරී වන මේජර් කේඒඑස්පී කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සම්මාන මුරයක් හා අභිමානවත් ලෙස සම්මාන පෙලපාලියක් පිරිනමන ලදි. තවද රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් හට විවිධත්වයක් ඇති කරමින් කණ්ඩායම් තරග කිහිපයක් ද පවත්වන ලදි.

අනතුරුව සියළු නිල තේපැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් පවත්වා බළඇණි සංවත්සර දින සැමරුම නිමා කරන ලදි.