Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2023 16:51:28 Hours

1 ඉංජිනේරු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ බුදු මැදුර විවෘත කෙරේ

පනාගොඩ ප්‍රදේශයේ පිහිටි 1 ඉංජිනේරු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බුදු මැදුර පසුගිය බ්‍රහස්පතින්දා (13) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබූ අතර ඊට සමගාමීව ආ ර් ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් වෙත දිරි දීමනා ද ප්‍රදානය කරනු ලැබීය.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි 1 ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම බුදු මැදුරේ තැන්පත් කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් බුද්ධ ප්‍රතිමාව පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට, ආගමික වතාවත්, චාරිත්‍ර ඉටුකිරීමට සහ සියලු නිලයන් වෙනුවෙන් ආශිර්වාද ලබාදීම සඳහා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා කිහිපනමක් ද වැඩම කරවනු ලැබීය.‍ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව අනෙකුත් ආගමික වතාවත්හි නිරත විය.

මෙම වැඩසටහනට සමගාමීව කොස්ගම මානකඩ කනිෂ්ඨ විද්‍යාලයේ ආ ර් ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 19 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරි, ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ මානකඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ කා ර් ය මණ්ඩලයේ සාමාජිකයන් ද එක්ව සිටියහ.