Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:52:39 Hours

හෝමාගම කර්මාන්ත පුරයේ ඇති ගින්නක් නිවා දැමීම සදහා බටහිර භට පිරිස් සහාය වෙති

හෝමාගම කර්මාන්ත පුරයේ ජල ආරක්ෂණ තාක්ෂණ රසායන කර්මාන්ත ශාලාවක 2023 අගෝස්තු 17 වන දින විශාල ගින්නක් හටගත් අතර, ගින්න පාලනය කිරීම සදහා යුධ හමුදා භට පිරිස් ගිනි නිවන හමුදාව වෙත ඔවුගේ සහයෝගය ලබාදී ඇත.

මේ සදහා යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව, 14 CBRN රෙජිමේන්තුව සහ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ නිලධාරීන් ඇතුළු භට පිරිස් 200 කට අධික පිරිසක් සිය සහය ලබා දී ඇත.

ඒ සමගම, ගිනි නිවීමේ මෙහෙයුමට සහය දැක්වීම සඳහා යුද හමුදාව විසින් ගිලන් රථයක්, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් ජල බවුසර් දෙකක් සහ 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ ජල බවුසරයක් සහ JCB යන්ත්‍රයක්ද භාවිතා කරන ලදී.

තවද, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ සහ ඒකක අණදෙන නිලධාරීන් ගේ පුර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහය ලබාදෙන ලදී.