Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2022 09:31:36 Hours

හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සදහා ආරක්ෂක සේනා (බටහිර) හමුදා භට පිරිස් සහය දක්වයි

කොළඹ 15, තොටළඟ කජ්ජිමවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක් 2022 සැප්තැම්බර් මස 27 වන දින සවස් භාගයේ ගිනිගැනීමට ලක්වු අතර, ඒය පාලනය කිරිම සදහා යුද්ධ හමුදාපති තුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් දායකත්වය ලබාදෙන ලදි.

ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සහ ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කලහ.

මෙම ගින්න මැඩපැවැත්වීම සදහා 142 පාබල බලසේනාව මගින් භට පිරිස් යෙදවිමට කටයුතු සිදු කරන ලදී.

මෙම හදිසි තත්වය පිළිබද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මෙම ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති හා 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වෙත ගින්න මැඩ පැවැත්වීම සදහා උපදෙස් ලබාදි ඇත.