31st July 2024 16:25:55 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩිසි පිඑස්සි ගේ සංකල්පය මත සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබිලිව් එන්එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 141 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ආර්ආර්ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජිආර්ආර්කේඑස් ජයරත්න ආර්එස්පී පිඑස්සි අයිජී සහ ඒකක භඨපිරිස්ගේ සංවිධානයෙන් 2024 අප්‍රේල් 08 වන දින පීටර් වීරසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කුඩා ළමුන් 22 ක් සහ එහි කාර්ය මණ්ඩලය 12දෙනෙකු සඳහා කෙටි ආහාර ඇතුළු දිවා ආහාර වේලක් ලබා දීම සිදුකරන ලදි.
තවද, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව එය සමරමින් ඔවුන්ගේ දවස සතුටින් ගත කිරීමත් යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් ද මෙය සංවිධානය කරන අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් ද සහභාගී වු අතර, මෙම උත්සවයේදී දරුවන්ට පාසල් උපකරණ සහිත ත්‍යාගද පිරිනමන ලදී.