Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 06:16:37 Hours

සපුගස්කන්ද ගිනි නිවීමේ කටයුතු සඳහා ආරක්ෂක සේනා බටහිරට අයත් භට පිරිස් සහාය වෙති

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පිහිටි 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණිය භඨපිරිස් සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි Mainetti Pvt. Ltd ආයතනයේ 2022.සැප්තැම්බර් මස 09 දින ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා කොළඹ ගිනි නිවීමේ ඒකකයට සහ ගම්පහ ගිනි නිවන ඒකකයට සහය විය.

141 පාබල බලසේනාවට සහ 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණියට අයත් 01x20 ක භටපිරිස් ප්‍රමාණයක් තම දායකත්වය දක්වන ලද අතර, 141 බලසේනාධිපති තුමන්ගේ උපදෙස් මත 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණියේ අණ දෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ගින්න පැතිරිම වැලැක්විම සදහා පුර්ණ දායකත්වය දක්වන ලදි.